අද සංශෝධනය වන ලිට්‍රෝ

ඔක් 04, 2023

    මාසිකව සිදුවන මිල සූත්‍රයට අනුව මේ මස ගෑස් මිල සංශෝධනය අද (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

    අවසන් වරට ලිට්‍රෝ ගෑස් සමාගම මඟින් පසුගිය සැප්තැම්බර් 04 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට පියවර ගත්තේය.

    ඒ අනුව රුපියල් 2,982 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමූ අතර එහි නව මිල වූයේ රුපියල් 3,127 කි.

    එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58කින් ඉහළ දමූ අතර එහි නව මිල වූයේ රුපියල් 1,256 කි.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ඉහළයාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

    Latest News