අපේක්ෂා රෝහලට නව ළමා වාට්ටු සංකීර්*ණයක්

සැප් 22, 2023

    මහරගම, අපේක්ෂා ‍රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීමට ඊයේ මුල්ගල තැබුණා.

    ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. සිව්මහල් වාට්ටු සංකීර්ණයක් ලෙස ඉදිකෙරෙන මීට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 150 ක්. ඒ සඳහා ප්‍රතිපාදන සපයන්නේ කතරගම රුහුණු මහා දේවාල අරමුදලින්. වාට්ටු සංකීර්ණය, ඉදිකිරීම සඳහා පූර්ණ ශ්‍රමදායකත්වය ලබා දෙන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. මේ අවස්ථාවට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Latest News