අපේක්‍ෂා රෝහලට ලංගමෙන් “අපේක්‍ෂා එක්ස්ප්‍රස්”

ජූනි 10, 2020

    “අපේක්‍ෂා එක්ස්ප්‍රස්” නමින්‌ නව බස්‌ රථ සේවාවක්‌ ආරම්භ කර ඇතැයි, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

    ඒ, මහරගම අපේක්‍ෂා රෝහලේ සායන සඳහා දිවයිනේ සෑම පළාතකින්ම පැමිණෙන රෝගී සත්කාරක ප්‍රවාහන සේවාවක්‌ ලෙසින්‌.

    මෙම සේවාව පළාත්‌ 09 ක්‌ ආවරණය වන පරිදි ආරම්භ කර ඇති අතර, ඊට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්‌ රථ යොදා ගැනෙනවා. මෙහි විශේෂත්වය වන්නේ, රෝගීන්ට ලබා දෙන ඇතැම් ඹෟෂධ අවම උෂ්ණත්වයක්‌ යටතේ තබාගත යුතු හෙයින්‌ මෙම බස්‌ රථයෙහි ශීතකරණ පහසුකම් ද ස්ථාපනය කර තිබීමයි. සේවාව, ඉදිරියේදී අවශ්‍යතාවය මත පුළුල්‌ කිරීමට පියවර ගන්නා බවයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ. මේ වන විට මාතලේ, නුවරඑළිය, ගල්ගමුව, මුලතිව් වැනි ප්‍රදේශවල සිට දෛනික ප්‍රවාහන පහසුකම් සැපයෙනවා.

    Latest News