අයවැයේ කාරක සභා විවාදයේ 16වැනි දින අද

අප්‍රේ 02, 2019

    2019 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 16 වැනි දිනය අදයි.

    ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා,සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ අද විවාදයට ගැනීමට නියමිතයි.

    ඊයේ දිනයේ දී අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත තෙවන වර කියවීම සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා රජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ එහි දී විවාදයට ලක් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 08:05

    Latest News