රත්නපුරේ නන්ද හිමියන්ට ශාසන කීර්*ති ගෞරව නාමය

මාර් 02, 2024


    පූජ්‍ය රත්නපුරේ නන්ද හිමියන්ට ශාසන කීර්ති ශ්‍රී විමලරතන ගෞරව නාමය සහිතව ගාලු සහ බස්නාහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමුණා.

    ඒ වෙනුවෙන්, සංවිධාන කළ ආශිර්වාද පළ කිරීමේ පුණ්‍යොත්සවයක් අද පැවැත්වුණේ, නාරාහේන්පිට අභයාරාමයේදී. සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාව විසින් පූජ්‍ය රත්නපුරේ නන්ද හිමියන් වෙත ගාලු බස්නාහිර දෙපළාතේ අධිකරණ සංඝ නායක පදවිය පසුගියදා පිරිනමා තිබෙනවා. ඒ වෙනුවෙන්, සංවිධාන කළ ආශිර්වාද පළ කිරීමේ පිංකමට සහභාගි වීම සඳහා අස්ගිරි මල්වතු මහ විහාරවල අනුනායක හිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය නාරාහේන්පිට අභියාරාමයට වැඩම කර සිටියා. මෙහිදී විජිනිපත සහ සන්නස්පත්‍රයද පූජ්‍ය රත්නපුරේ නන්ද හිමියන් වෙත පිරිනැමුණා. අපවත්වී වදාළ බස්නාගොඩ විමලරතන හිමියන් රචිත ''සුවාසූ බෝ තුඩ'' ග්‍රන්ථය එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News