ඩුබායිවලින් පිටුවහල් කළ පිරිස විමර්ශනයට රවී ප්‍රමුඛ කමිටුවක්..

මාර් 29, 2019

    ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ පිරිස ගැන ඉදිරි විමර්ශන සඳහා CID ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති රවී සේනවිරත්න ප්‍රධාන 7 දෙනෙකුගේ කමිටුවක් පත් කර තිබේ.

    ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේය. පසුගිය පෙබරවාරි 5 වැනි දා ඩුබායි රාජ්‍යයේ දී පාතාල නායක මාකඳුරේ මධූෂ් හා ගායක අමල් පෙරේරා ඇතුළු 31 දෙනෙක් අත්අඩංගුවට ගැනිණ. ඉන් පසු ඩුබායි පොලීසියේ පරීක්ෂණයෙන් පසු මාර්තු 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. මෙම කණ්ඩායමෙන් 11 දෙනෙකු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමට තීරණය කර ඇති බව වාර්තා විය.

    ඉන් 6 දෙනෙකු පසුගිය දින කිහිපය තුළ දී මෙරටට පැමිණියේය. මේ අතර ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ද සිටින අතර ඔහුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මේ වන විට මුදාහැර තිබේ. මේ අතර මාකඳුරේ මදූෂ් හා අමල් පෙරේරා ඇතුළු 5 දෙනෙකු ඉදිරි දිනවල දී මෙරටට පැමිණෙනු ඇති.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 16:26

    Latest News