NVQ - පාසල් සිසුන්ට රු.500ක දීමනාවක්

මාර් 28, 2019

    රජයේ පාසල්වල 13 වසරක සහිතක කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ, පාසල් හරහා වෘත්තීය විෂයකට අදාළව ආයතන ගත වන සිසුන් සඳහා, රුපියල් 500ක මුදලක් දෛනිකව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවේ.

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව මෙම වැඩසටහන යටතේ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන් දෙවන අධ්‍යයන වර්ෂයේ දී තෝරා ගත් වෘත්තීය විෂයකට අදාළව ජාතික වෘත්තීය කුසලතා 4 මට්ටමේ (NVQ-4) සහතිකය ලබා දීමට අනුමැතිය ඇති වෘත්තීය පුහුණු ආයතනයකින් අධ්‍යාපනය ලැබිය යුතුව ඇත.

    මෙවැනි වෘත්තීය පුහුණු ආයතන ප්‍රධාන නගරවල පමණක් පිහිටා තිබීම හේතුවෙන් ඇතැම් සිසුන් ප්‍රවාහන හා නේවාසික පහසුකම් සලසා ගැනිමේ දී අධික පිරිවැයක් දරණ බව වාර්තා වී තිබේ. එම හේතුව නිසා පාසල් හරහා ආයතන ගත වන සිසුන් සඳහා ප්‍රවාහන හා අනෙකුත් වියදම් ආවරණය කර ගැනීමට රුපියල් 500 ක දෛනික දීමනාවක් ලබා දීමට අනුමැතිය හිමිව තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 17:28

    Latest News