බැසිල්ගේ පයිප්ප බට නඩුවේ සාක්කි අපහැදිලිවීමක්

මාර් 28, 2019

    රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනාවට බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහි නඩුවේ සාක්ෂි ලේඛණ අපහැදිලි භාවයෙන් එය අගෝස්තු 07 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද නියම කලේය.

    පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලේ රුපියල් මිලියන තිස් පහකට ආසන්න මුදලක් වැය කර ජී. අයි. පයිප්ප බට මිල දී ගෙන ප්‍රාදේශීය සභා සඳහා බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණ චෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවකවකට එරෙහිව නීතිපති මෙම නඩුව පවරා ඇත.

    මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර ඇති ලේඛන අතූරින් සමහරක් අපැහැදිලි තත්වයක පවතින බව විත්තියේ නීතිඥවරු අධිකරණයට අද දන්වා සිටියේය. එම ලේඛණ වල පැහැදිලි පිටපත් ලබාදීමට පැමිණිලි පාර්ශ්වයට නියම කරන මෙන් විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    විත්තිය ඉල්ලා සිටින ලේඛනවල පැහැදිලි පිටපත් ලබාදීමට පියවර ගන්නා මෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් රජයේ නීතිඥවරයාට නියම කළේය.

    දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන තිස් පහකට ආසන්න මුදලක් වැයකොට ජී. අයි. පයිප්ප බට මිලදී ගෙන දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ප්‍රාදේශීය සභාවට බෙදාහැරීමෙන් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය චෝදනා අනුව පොදු දේපල පනත යටතේ බැසිල් රාජපක්ෂට සහ කිත්සිරි රණවකට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව පවරා තිබේ.

     

    Latest News