ඔබත් බස්නාහිරද ? වාහන පදින අයට විශේෂ දැනුම්දීමක්

සැප් 26, 2023

    බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම එළඹෙන 27 වැනිදා සිට ඔක්තෝබර් 02 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

    ඒ, වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන්.

    ඒ අනූව, www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

    සැප්තැම්බර් මස 26 වැනිදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතින බවයි, වැඩිදුරටත් සඳහන් වන්නේ.

    Latest News