කෝටි 30ක කොකේන් කොටු

සැප් 25, 2023

    රුපියල් කෝටි 30 ක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ඉතියෝපියාවේ සිට මෙරටට රැගෙන ආ කෙන්යානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

    ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්. කෙන්යානු ජාතිකයා ඉතියෝපියාවේ අඩිස්අබාබා නුවර සිට කටාර් රාජ්‍යයේ දෝහාර් වෙත පැමිණ, කටාර් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබෙනවා. 

    ඔහු රැගෙන ආ අත් බෑගයේ බිස්කට් ටින් 3 ක කිලෝග්‍රෑම් 4 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය කරල් 180 ක් සඟවා තිබියදී සොයා ගැනුණා. 

    අත්අඩංගුවට ගැනුණු කෙන්යානු ජාතිකයා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට  බාර දීමට නියමිතයි.

    Latest News