බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

අප්‍රේ 12, 2021

    බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් 925 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ(11) උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි, පොලීසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගත් අය අතර විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 40ක්, වරෙන්තුකරුවන් 306 ක් හා දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 518 දෙනෙකු ද වෙයි.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙහෙයුම සිදුකර තිබේ.

    Latest News