බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 සිට ඇරඹේ

මාර් 24, 2021

    බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ බස්නාහිර පළාතේ පාසැල්වල සියලු ශ්‍රේණි විවෘත කිරීම සඳහා අවසර ලබාදීමට තීරණය කර ඇති බවයි.

    බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල 05, 11 හා 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඉකුත් 15 වනදා ආරම්භ කෙරිණ.

    මීට පෙර බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබිණ.

    Last modified on බදාදා, 24 මාර්තු 2021 19:14

    Latest News