මත්තල වෙළඳසැලක් අසළින් මතුවූ අයිස් තොගය

ජූනි 15, 2022

    පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනූව, මත්තල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් අසළදී මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 20ක් මෙහි තිබු අතර ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නයි. සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    වැඩිදුර විමර්ශන සඳහා ඔහු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී තිබේ.

    Latest News