වැල්වැටිතුරේ වෙරළ තීරයේදී රු.මිලියන 50ක මත්ද්‍රව්‍ය තොගයක්

අගෝ 14, 2021

    යාපනය, වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ දී අද (14) උදෑසන කේරළ ගංජා කිලෝග්‍රෑම් 126ක පමණ ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙ‍නෙකු (03) සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    වෙරළ ආසන්නයේ නවතා තිබූ කැබ් රථයකට සැකකටයුතු ලෙස පොලිතීන් උර තොගයක් පටවමින් සිටි පිරිසක් පරීක්ෂා කිරීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුව තිබේ.

    මෙම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 50 ක් පමණ වන බවයි නාවික හමුදාව පවසන්නේ.

    සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 32ත් 38ත් අතර වයසේ පසුවන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

    මෙම සැකකරුවන්, කේරළ ගංජා, අයිස් මත්ද්‍රව්‍ය සහ තැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්වැටිතුරේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    7

    5

     

    Latest News