පූගුඩි කන්නාගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

සැප් 17, 2022

    සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ ජාවාම්කරුවෙකු වන පූගුඩි කන්නාගේ ප්‍රධානතම ගෝලයෙකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. 

    එහිදි එක්ලක්ෂ තිස් දහසකට අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය ග්රෑම් 13ක් සොයාගත් බවයි, පොලිසිය පවසන්නේ.

    තවද ඔහු සන්තකයේ තිබී රියදුරු බලපත්‍ර දෙකක්, අදායම් බලපත්‍ර දෙකක් ඇතුළු උපකරණ රැසක් ද අත්අඩංගුට ගෙන ඇත.

    මේ අතර ඔහු අපරාධ සහ මත්‍ද්‍රව්‍ය ජාවරම් සඳහා පිටත්ව යන සීසීටීවී දර්ශන ද පොලිසිය මාධ්‍යයට නිකුත් කර තිබේ. 

    Latest News