අපොස සා.පෙළ ප්‍රතිඵල අද

මාර් 28, 2019

    අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද (28) නිකුත් කරන බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසයි.

    විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව හය ලක්ෂ පනස් හය දහස් හයසිය හතළිස් එකක්. අද පස්වරුව වනවිට ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැරීමට හැකිවනු ඇති බවයි කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ.

    ඒ අනුව https://www.doenets.lk/exam/ වෙබ් අඩවියට පිවිස ප‍්‍රතිඵල නිරීක්‍ෂණය කළ හැකියි.

    2018 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් දෙසැම්බර් 3 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයිනපුරා මධ්‍යස්ථාන 4,661 කදී පැවැත්විණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 07:36

    Latest News