update- කන්ජිපානි ඉම්රාන් CID භාරයට

මාර් 28, 2019

    Update : දිවයිනට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී CID භාරයට ගත් කන්ජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට පත් කිරීමට නියමිතයි.

    කන්ජිපානි ඉම්රාන් සමග 3ක් කටුනායකදී CID අත්අඩංගුවට - (08.45)

    පාතාල නායක මාකඳුරේ මදූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි කන්ජිපානි ඉම්රාන් කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු සමග ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ තවත් 3 දෙනෙක් ද  අත්අඩංගුවට ගැනිණ.  ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබූ පාතාල නායක මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කන්ජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යෑමට උත්සය කර ඇති බවට තොරතුරු හෙළිවී ඇත. අද උදෑසන 6.20ට ඩුබායි සිට පැමිණි ප්ලයි ඩුබායි ගුවන් සේවයේ එල් ඉසෙඩ් 547 දරණ යානයෙන් කටුනායකට පැමිණ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, මොහු මාලදිවයින වෙත යාමට ගුවන් තොටුපොළේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදී මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2019 18:20

    Latest News