සා.පෙළ විභාගය ලියූ දරුවන්ට දැනුම්දීමක්

ජූනි 02, 2022

    සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඉංග්‍රීසි භාෂාව හෝ තොරතුරු තාක්ෂණ විෂය හදාරන ලෙස 2021 වසරට අදාල අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් විභාග කොමසාරිස් ජනරාල් ඵල්. ඵම්. ඩී. ධර්මසේන මහතා ඉල්ලීමක් කරයි.

    අනාගතයේදී රැකියා සඳහා යොමුවීමේදි ඉංග්‍රීසි භාෂාව හෝ තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය්‍ය බවයි, විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

    2021 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 3,844කදී අයදුම්කරුවන් පන්ලක්ෂ 17,496 දෙනෙක් පෙනී සිටියේය.

    4f6ca0079ed664da262464aa2bc0a42b 

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූනි 2022 11:07

    Latest News