05 වසර ශිෂ්‍යත්ව ප්‍රථිපල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රථිපල www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවිවලින් ලබා ගත හැකියි.

Results_Released-1.jpg

එමෙන්ම එක් එක් දිස්ත්‍රික්කයට අදාළ සිංහල සහ දමිල භාෂා මාධ්‍යයේ කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.

සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි.

අනෙක් දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු

වව්නියාව - 157

නුවරඑළිය - 161

හම්බන්තොට - 164

මුලතිව් - 157

අම්පාර - 162

ත්‍රිකුණාමලය - 161

පුත්තලම - 163

අනුරාධපුරය - 163

පොළොන්නරුව - 163

බදුල්ල - 163

මොනරාගල - 162

රත්නපුර - 165

Cut_off_marks-1.jpg 

මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත සමීක්ෂණය සිදුකිරීමට අවශ්‍යනම් අභියාචනා ඉදිරිපත් කිරීම ගැන තොරතුරු පසුව දැනුම්දෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

 

 

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද (28) නිකුත් කරන බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පවසයි.

Latest News