උ.පෙළ නැවත සමීක්ෂණ කැඳවයි

සැප් 07, 2023
    2022 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්ර භාර ගැනීම අද (07) සිට ආරම්භ වනවා.

     

    විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ ලබන 16 වනදා දක්වා අයදුම්කරුවන්ට ඒ සඳහා සිය අයදුම්පත් යොමුකළ හැකි බවයි.
    ප්රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වන්නේ මාර්ගගත ක්රමයට පමණයි. විභාග දෙපාර්තමේන්තුවට අයත් www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයදුම්කළ හැකියි.
    පාසැල් හා පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
    2022 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 63,933දෙනෙකු පෙනී සිටියා.
    ඉන් එක් ලක්ෂ 66,938 දෙනෙකු විශ්ව විද්යාල ප්රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. එය ප්රතිශතයක් ලෙස සියයට 63යි දශම 3ක්.

    Latest News