මහ මුහුදේ ජීවිතයක් බේරයි

අගෝ 30, 2023

    ශ්‍රී ලංකාවට නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදේ දී හදිසි රෝගාබාධයකට ලක් ඉන්දීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළා.

    ‘MV Empress’ නමැති මඟී නෞකාවේ සිටි මෙම ඉන්දීය ජාතිකයාට හදිසි රෝගාබාධයකට ලක්වූ බවත්, ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ‍නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත, එම මඟී නෞකාව වෙතින් දැනුම් දීමක් සිදුකර තිබෙනවා.


    අනතුරුව කඩිනමින්, හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 491 වේග ප්‍රහාරක යාත්‍රාව එම මඟී නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කෙරුණා.

    අනතුරුව, අසාධ්‍ය තත්වයේ සිටි ඉන්දීය ජාතිකයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කළා.

    ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටිනවා.

    Latest News