කජුගම මහ රෑ අනතුරක්

අගෝ 30, 2023

    කොළඹ - නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී ඊයේ (29) රාත්‍රී කාර්යාල සේවකයින් රැගත් බස් රථයක්, ලංගම බස්රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරින් පෞද්ගලික බස්රථ රියදුරු ජීවිතක්ෂයට පත්වුණා. බස් රථ දෙකේ කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා වතුපිටිවල සහ වරකාපොළ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 44 හැවිරිදි කඹුරාදෙණිය, දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Latest News