රට පුරා පරිපූරක වෛද්‍ය වැඩවර්ජනයක්

අගෝ 24, 2023

    දිවයින පුරා රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ක්‍රියාත්මක කර ඇති එක් දින සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

    පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසන්නේ, ඉල්ලීම් 7 කට විසඳුම් අපේක්ෂාවෙන් වැඩ වර්ජනය ආරම්භ කළ බවයි.

    අද උදේ 8.00 ට ආරම්භ කෙරුණු වර්ජනය හෙට උදේ 8.00 දක්වා ක්‍රියාත්මකයි.

    බඳවා ගැනීම් ප්‍රමාද කිරීම, ශ්‍රේණි උසස්වීම් චක්‍රලේඛය නිකුත් නොකිරීම, අසාධාරණ විනය නියෝග ක්‍රියාත්මක කිරීම හා ස්වෙච්ඡා සේවයේ නිරත නිලධාරින්ට බාධා කිරීම ඇතුළු කරුණු 7 ක් මෙම වැඩ වර්ජනයට හේතු ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ අනුව, විකිරණ තාක්ෂණවේදීන්, රසායනාගාර ශිල්පීන්, ‍ඖෂධවේදීන්, භෞත චිකිත්සක නිලධාරින් හා වෘත්තීය චිකිත්සකයින් වර්ජනයට එක්ව සිටින බවයි, වෘත්තීය සමිති පවසන්නේ.

    මේ නිසා, සියලු ‍රෝහල්වල විකිරණ සේවා, විකලාංග ප්‍රතිකාර හා ඖෂධ නිකුත් කිරීම් ආදිය අඩාල වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

    Latest News