පොලී අනුපාත ගැන මහ බැංකුවෙන් තීරණයක්

අගෝ 24, 2023

    ‍‍නිත්‍ය පොලී අනුපාත නොවෙනස්ව තබා ගැනීමට  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, තීරණය කර තිබෙනවා.

    ඊට අනුව,  නිත්‍ය තැන්පතු  පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 11 ක් සහ සියයට 12 ක් වනවා.

    මේ අතර, උකස් පහසුකම්  සඳහා වාර්ෂිකව සියයට 18 ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23 ක සීමාවක් සහ ක්‍රෙඩිට්කාර්ඩ් පහසුකම් මත වාර්ෂිකව සියයට 28 ක පොලී සීමාවක් පැන වීම තවත් තීරණයක්.

    සියලුම බලපත්‍රලාභී බැංකු වෙත මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

    Latest News