වෛද්‍ය සාෆිට එරෙහි තවත් පැමිණි 11ක්

මැයි 29, 2019

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි දඹුල්ල රෝහලේ රාජකාරි කළ සමයේ සිසේරියන් සැත්කම් සිදුකළ කාන්තාවන් 11 දෙනෙකු පැමිණ අද (29) පෙරවරු 10.00ට පමණ දඹුල්ල පොලීසියට හා දඹුල්ල මූලික රෝහලට පැමිණිල් ඉදිරිපත්කර තිබේ.

    මෙම මව්වරුන් 2013 වසරේ සහ 2015 වසර කාලය තුල දඹුල්ල මූලික රෝහලේ දරු ප්‍රසූති සඳහා නේවාසිකව නැවතී පසුව සිසේරියන් සැත්කම් මගින් දරුවන් ලැබූ මව්වරු බව පොලීසිය කියයි.  ඔවුන් සියලු දෙනාම කියා සිටියේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා විනාඩි දහයත් පහළොවත් අතර කාලයක් තුළ තම සිසේරියන් සැත්කම සිදුකළබවයි.

    මෙම සිද්ධිය අනාවරණය වන තුරු තමන්ට දරුවන් නොලැබීම පිලිබඳව විවිධ වෛද්‍යවරුන් සහ යාග හෝම බලි තොයිල් සිදුකළ බව ද මෙම මව්වරු පවසති.

    දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ මේ වනවිට දඹුල්ල පොලිසියට ලැබෙන සෑම පැමිණිල්ලක් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවය. දඹුල්ල පොලිසිය  ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක කේ .කේ .එස් . කෝදාගොඩ මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිලි සටහන් කර ගනු ලැබීය.

    Last modified on බදාදා, 29 මැයි 2019 11:48

    Latest News