කුණු කන්දක් වූ අලිකොටආර

අගෝ 24, 2023

    සංචාරක ආකර්ෂණය දිනාගත් අලිකොට ආර ජලාශයට එන සංචාරකයන් නිසා පරිසර විනාශයක් වැල්ලවාය, අලිකොටආර ජලාශය දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගත් සංචාරක ස්ථානයක්.

    මෙම ස්ථානය වැල්ලවාය නගරයේ සිට සීමිත දුරකින් පිහිටා තිබෙනවා. සංචාරකයන් දිය නැම සඳහා නිරන්තරයෙන් මෙහි පැමිණෙනවා.

    නමුත්, ඉතාම සුන්දර පරිසරයක් සහිත අලිකොට ආර ජලාශය ආශ්‍රිත පරිසර පද්ධතියට සංචාරකයන් රැගෙන එන කැළිකසල රිසිසේ මුදා හැරීම නිසා මේ වන විට විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතිනවා.

    කැලිකසළ, ජලාශයේ ජල පහරට එක්වීම නිසා ජලය දැඩි ලෙස අපවිත්‍ර වී තිබෙනවා. 

    එම ස්ථානයට එකතු වන කැලිකසල නිසියාකාරව බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකසා මෙම විනාශය නතර කර ගැනීමට කටයුතු කිරීම බලධාරීන් සතු වගකීමක්.

    Latest News