LPL උණුසුම විදින්න සූදානම් ද?

අගෝ 17, 2023

    LPL තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය අද (17) පැවැත්වෙනවා. ඒ කුසල් මෙන්ඩිස් මෙහෙයවන දඹුල්ල අවුරා කණ්ඩායම සහ දසුන් ශානක මෙහෙයවන ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර.

    දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ගෝල් ටයිටන්ස් කණ්ඩායමට දෙවැනි ස්ථානය හිමියි. තරගය සවස 3.00 ට ආරම්භ වන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

    ඉන් ජය ගන්නා කණ්ඩායම සෘජුවම අවසන් තරගයට සුදුසුකම් ලබනවා. පරාජය වන කණ්ඩායමට දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනවා.

    දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන දෙවනි දෙවැනි කණ්ඩායම තේරීමේ තරගය අද රාත්‍රී පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ස්ථානයේ පසුවන බී ලව් කැන්ඩි කණ්ඩායම සහ සිව්වැනි ස්ථානයේ පසුවන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරයි.

    ඉන් ජය ගන්නා කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනවා.

    එය ලබන 19 වැනි දා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ අවසන් මහා තරගය 20 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ ආර් ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

    Latest News