පුංචි හදවත් සුව කරන්න LPL ලක්ෂ 67ක්

අගෝ 17, 2023

    2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටය අවසානයේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 67ක් රැස් කර ගෙන තිබෙනවා.

    සෑම හතරේ පහරකටම රුපියල් 4000 ක්, ලකුණු හයක් සඳහා රු.6000 ක් සහ තරඟාවලියේදී යවන සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2000 බැගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිට්ල් හාට් වෙනුවෙන් පරිත්‍යාග කරන බව මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා.

    ඒ අනුවයි තරගාවලියේ පළමු දින තුන තුළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6.7ක් රැස් කර ගෙන ඇත්තේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා රිජ්වේ ළමා රෝහලේ ඉදිවන හදවත් රෝග ඇති දරුවන් ඉක්මනින් හඳුනා ගැනීම වෙනුවෙන් ඉදිවන හෘද රෝග සහ හදිසි සත්කාරක සංකීර්ණයට අවශ්‍ය අරමුදල් රැස් කිරීම සිදුකෙරෙනු ඇත.

    Latest News