දකුණේ වෙඩි පත්තුවෙයි

අගෝ 16, 2023

    තංගල්ල සහ දික්වැල්ල ප්‍රදේශවල ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් 35 හැවිරිදි ධීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඔහු සිය නිවස ආසන්නයේ තවත් පිරිසක් සමඟ රැඳී සිටිය දී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

    යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.


    තවත් වෙඩි තැබීමක් දික්වැල්ල, බෝදරකන්ද ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.
    පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පාළු ඉඩමකට රැඳී සිටිය දී එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් විසින් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වෙඩි තබා පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

    වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක්වූ පුද්ගලයෙක්.

    වෙඩි තැබීම්වලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Latest News