සමනළ වැවෙන් උඩවලවට ජලය ලැබෙයිද ?

අගෝ 07, 2023

    සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය ලබා ගැනීම සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අද (07) යළි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පවතින නියඟය තත්වය හේතුවෙන් උඩවලව ජලාශයෙන් පෝෂණය වන වලව කලාපයේ ගොවි බිම් රැසක් විනාශ වීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

    ඊට විසඳුමක් ලෙස සමනල වැව ජලාශයෙන් ජලය ලබාගැනීම කෙරෙහි අවදානය යොමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව පසුගිය සතියේ දී අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගත්තා.

    එහිදී මෙම යෝජනාවට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් වී ඇති අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති බවද වාර්තා වුණා.

    "ජලය ලබාදීමේ පළවෙනි ප්‍රමුඛතාවය තමා පානීය ජලය. දෙවැනි ප්‍රමුඛතාවය තමා වගාවට ජලය. තුන්වෙනි ප්‍රමුඛතාවය තමා විදුලිය. දැන් දෙවැනි ප්‍රමුඛතාවය ක්‍රියාත්මක කළ යුතුයි. එක ජල මුරයක් දුන්නොත් මේ තියන තත්ත්වයෙන් 65% - 70%ක් හරි බේරගන්න පුළුවන් වෙයි. විදුලිබල මණ්ඩලය මේකට ප්‍රමුඛතාවය දීලා මැදිහත් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා යනුවෙන්ද අමාත්‍යවරයා පසුගියදා අදහස් පළ කළා.

    Latest News