ඒරියාගම ඊයේ රාත්‍රී සිදුවූ අනතුරකින් එකම පවුලේ 4ක් මරුට

අගෝ 04, 2023

    අනුරාධපුර-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුවූ මෝටර් රථ අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

    මෝටර් රථයේ 8 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

    කුරුණෑගල සිට අනුරාධපුරය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් වෙළෙඳසලක් අසළ නැවැත්වීමට යාමේදී ඊට පිටුපසින් පැමිණි මෝටර් රථය එහි ගැටී තිබෙනවා. අනතුරින් මෝටර් රථයේ ගමන් කළ සියලුම දෙනා තුවාල ලැබූ අතර, ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගැනුණා. මියගිය අය අතර, පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනකු වනවා. මෝටර් රථයේ රියැදුරුද ඒ අතර වන බවයි පොලීසිය පවසන්නේ. තුවාල ලැබූවන් තඹුත්තේගම මූලික රෝහලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, එක් අයෙකුගේ තත්වය බරපතල බව වාර්තා වනවා. අධික වේගය අනතුරට හේතුව බවයි පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ.

    Latest News