ආහාර සොයා යන මින්නේරිය වනඅලින්...

පෙබ 10, 2020

    මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන වන අලි නැරඹීමේ පාරාදිසයක්. දෛනිකව එහි ජලාශ ආශ්‍රිතව වන අලි 300ත් 350ත් අතර ප්‍රමාණයක් සැරිසරනවා.

    එහෙත්, එම ජලාශ උපරිම ජල ධාරිතාවට පැමිණීමෙන් වන අලි රංචු ආහාර සොයා මේ දිනවල වෙනත් වනෝද්‍යාන කරා ගමන් කරනු දැකගත හැකියි. එසේ ගමන් කරන වන අලි, මඩකලපුව - කොළඹ ප්‍රධාන මාර්ගය හා ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගය භාවිත කරන අයුරු නිරන්තරයෙන් දැකිය හැකියි. ජලාශ අවට භූමියේ ආහාර නොමැති වීමෙන්, වන අලින් හබරන හුරුළු පාරිසරික වනෝද්‍යාන කරා ගමන් කිරීම සුලබ දසුනක්. මේ හේතුවෙන්, මාර්ගය භාවිත කරන රියදුරන්ට වඩාත් සැලකිලිමත් වන ලෙස, වනෝද්‍යාන නිලධාරීන් ඉල්ලීමක් කරයි. සංචාරකයින් ද වන අලින් නැරඹීම සඳහා හබරන හුරුළු පාරිසරික උද්‍යානය වෙත පැමිණෙන බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on සදුදා, 10 පෙබරවාරි 2020 11:15

    Latest News