ගම්පහට පැය 10ක ජල කප්පාදුවක්

ජූලි 26, 2023

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

    ඒ රන්පොකුණුගම සහ කිරිඳිවැල ජලසම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

    ඒ අනුව, පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පූගොඩ, කිරිඳිවල, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මදුවේගෙදර, ඌරපොළ සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

    මේ අතර, අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ජල සම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත් හේතුවෙන් අද පෙරවරු 4.00 සිට පස්වරු 1.00 දක්වා පැය 09 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.

    එම මණ්ඩලය පැවසුවේ අක්කරෙයිපත්තුව, ඉරක්කාමම්, අඩ්ඩලච්චේන, ඔලුවිල් සහ පාලමුන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බවයි. 

    Latest News