පාලන මිලෙන් ගිලිහුණු බිත්තරේ

ජූලි 26, 2023

    ඊයේ (25) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    සුදු බිත්තරයක් රුපියල් 44කටත් දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් වන ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් 19 වැනි දා වෙළෙඳ අමාත්‍යාංශය මඟින් ගැසට් පත්‍රයක් නිකුත් කළා.

    සුදු බිත්තර කිලෝ ග්‍රෑමයක් රුපියල් 880ක් සහ දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑමයක් 920කටත් අලෙවි කළ යතු බවත් එම නිවේදනයේ සඳහන් වුණා.

    නමුත්, වෙළඳපොළේ පාලන මිල යටතේ බිත්තර අලෙවිය විධිමත්ව සිදුනොවූ අතර බිත්තර හිඟයක්ද දක්නව ලැබුණා.

    කෙසේ වෙතත්, අද සිට සතොස මඟින් බිත්තරයක් රුපියල් 35ක මිලකට සහ සුපිරි වෙළෙඳ සැල්වලින් බිත්තරයක් රුපියල් 40 ක මුදලට ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවනු ඇති.

    Latest News