'අස්වැසුම'ට සැනසුම

ජූනි 26, 2023

    අස්වැසුම ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව, රජය අවධාරණය කරනවා.

    දේශපාලන උසිගැන්වීම් හෝ වෙනත් බාහිර බලපෑම්වලට නතු නොවී, ලබන මස 10 වැනිදාට පෙර අභියාචනා කඩිනමින් බාර දෙන ලෙසයි, රජය ප්‍රතිලාභීන්ට දැනුම් දෙන්නේ.

    අස්වැසුම සහනාධාර ලේඛනයේ නම් ඇතුළත්ව නොමැති බවට පවසමින්, 500 කට අධික පිරිසක් බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉදිරිපිටට අද උදෑසන පැමිණ විරෝධතාවක නිරත වුණා.

    ඔවුන්ට, ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දීමටයි, බණ්ඩාරවෙළ ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කළේ.

    Latest News