ලක්ෂ 8කට අස්වැසුම - කෝටි 500ක් බැංකුවලට

අගෝ 29, 2023

    අස්වැසුම යෝජනා ක්‍රමයේ පළමු වාරිකය ගෙවීම සඳහා රුපියල් කෝටි 500ක (බිලියන 5ක) මුදලක් බැංකු වෙත නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය පියවර ගෙන තිබෙනවා.

    අස්වැසුම පළමු වාරිකය, පවුල් ලක්ෂ 8ක් වෙත ලබාදීම සඳහා අවශ්‍ය මුදල ලෙස මෙම බැංකු වෙත බැර කෙරෙන බවයි, මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

    කෙසේ වෙතත් නව ක්‍රමවේදයට අනුව ගිණුම් විශාල ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු එකවර සිදුකිරීමේ දී බැංකුවල පවතින පරිගණක පද්ධතිවල යම් ප්‍රමාදයක් ඇති විය හැකි බව ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙනවා.

    එසේ වුවහොත් ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත වාරික මුදල් බැරවීමේ යම් ප්‍රමාදයක් සිදුවනු ඇති අතර, පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා මාසයේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කෙරෙන බව ද ඇතිවන ප්‍රමාදයන් ද එමඟින් අවම වනු ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියා.

    පළමු වාරිකය ගෙවීමෙන් අනතුරුව කඩිනමින් නුසුදුස්සන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන අතර, ඊට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News