දේශබන්දුට එරෙහි සිතාසිය බල රහිත කරයි

ජූනි 26, 2023

    බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින්, අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

    ඒ, තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

    අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසිනුයි, එම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

    ඉකුත් වසරේ මැයි 9 වැනිදා අරගලයට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස, නීතිපතිවරයා නිකුත් කර ඇති ලිපියක් ද අභියාචනාධිකරණය බල රහිත කර තිබෙනවා.

    අරගලකරුවන්, කොළඹ ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ ‍එහි තිබී රුපියල් එක්,කෝටි 78 ලක්ෂයකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිතාසියක් නිකුත් කර තිබුණා.

    Latest News