වතු නිවාස ජනතාව වෙනුවෙන් ශීඝ්‍ර සංවර්ධනයක් ආණ්ඩුව ලබාදුන්නා

මාර් 25, 2019

    දිර්ඝ කාලයක් වතු නිවාසවල ජීවත්වූ ජනතාවට ශීඝ්‍ර වර්ධනයක් ලබාදීමට වත්මන් රජය ක්‍රියා කළ බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    එම ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි, අමාත්‍යවරයා කියා සිටියේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නුවරඑළිය, රම්බොඩ, හෙල්ගොඩ වතුයායේ ඉදිවූ නිවාස 98ක් ජනතා අයිතිය පත් කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්. ඉන්දීය රජයේ ආධාර යටතේයි නිවාස ව්‍යාපෘතිය ඉදි කෙරුණේ. ව්‍යාපෘතිය සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 118ක්. පර්චස් 7ක භූමි ප්‍රමාණයකයි එක් නිවසක් ඉදිකර ඇත්තේ.

    සෑම නිවසක්ම සියලු පහසුකම්වලින් සමන්විතයි. රජයේ හර්ත ගම්මාන සංකල්පය මත වතු කම්කරුවන් සඳහා ඉදිවන මෙම සෑම නිවසකටම ඔප්පුවක් ද හිමියි. නිවාස ලාභීන්ට නිරවුල් ඔප්පු ප්‍රදානය ද මෙහි දී සිදු කෙරිණ. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී තරංජිත් සින් සන්ධු, අමාත්‍යවරුන් වන පලනි දිගම්බරම්, ගයන්ත කරුණාතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 25 මාර්තු 2019 09:33

    Latest News