LPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි (සජීවී තොරතුරු මෙතැනින්)

ජූනි 14, 2023
  • update - ක්රීඩක වෙන්දේසියේ දි ප්රථමයෙන්ම අලෙවි වූ ක්රීඩකයා වූයෝ ධනංජය ද සිල්වායි. ඔහු ඩොලර් 76,000ක මුදලකට මිලදී ගත්තේ Dambulla Aura කණ්ඩායම විසින්.

    චරිත් අසලංක අලෙවි වූයේ ඩොලර් 80,000කටයි. එලෙස ඔහු මිලදී ගත්තේ Jaffna Kings කණ්ඩායමයි.

    Colombo Strikes කණ්ඩායම විසින් පැතුම් නිශ්ශංක මිලදී ගනු ලැබුවේ ඩොලර් 40,000ක මුදලකටයි.
     
    දුනිත් වෙල්ලාලගේ Jaffna Kings කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ අතර ඒ ඩොලර් 56,000ක මුදලකටයි.
     
    ප්රථම විදෙස් ක්රීඩකයා ලෙස Jaffna Kings කණ්ඩායම ෂොයිබ් මලික් මිලදී ගනු ලැබුවා. ඒ ඩොලර් 50,000ක් ලෙසයි.
     
    කුසල් ජනිත් පෙරේරා මිලදී ගනු ලැබුවේ Dambulla Aura කණ්ඩායම විසින්. ඒ ඩොලර් 40,000ක මුදලකටයි.
     
    දුෂ්මන්ත චමීර Be love Kandy කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ අතර ඒ ඩොලර් 70,000කටයි.
     
    ක්රීඩක වෙන්දේසියේ දී ලහිරු කුමාර ඩොලර් 40,000කට අලෙවි වූ අතර ඔහු මිලදී ගනු ලැබුවේ Galle titans කණ්ඩායම විසින්.
     
    ලක්ෂාන් සඳකැන් ඩොලර් 30,000කට Colombo Strikes කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.
     
    Be love Kandy කණ්ඩායම විසින් සහන් ආරච්චිගේ ඩොලර් 28,000කට මිලදී ගනු ලැබූ අතර ලසිත් කෘස්පුල්ලේ Galle titans කණ්ඩායම විසින් 20,000කට මිලදී ගනු ලැබීය.
     
    නිපුන් ධනංජය ඩොලර් 5,000කට Colombo Strikes කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.
     
    පැතුම් කුමාර ඇ.ඩො. 5,000කට Jaffna Kings කණ්ඩායම විසින් මිළදී ගනු ලැබීය.
     
    Colombo Strikes කණ්ඩායම විසින් ළහිරු උදාර ඇ.ඩො. 10,000 කට මිළිදී ගනු ලැබීය.
     
    සොහාන් ද ලිවේරා ඇ.ඩො. 5000 කට අලෙවි වූ අතර ඔහු මිළදී ගනු ලැබුවේ Galle titans කණ්ඩායමයි.
    ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය කොළඹ ෂැංග්රිලා හෝටලයේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

    Last modified on බදාදා, 14 ජූනි 2023 17:00

    Latest News