උ.පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම් අද ඇරඹේ

ජූනි 15, 2023

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයන් ඇතුළු විෂයන් 40ක ඇගැයීම් කටයුතු අද (15) ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    රට පුරා නගර 18ක ඇගැයීම් මධ්‍යස්ථාන 39කදී පිළිතුරු පත්‍ර ඇගැයීම සිදු කරන බවත් ඇගැයීම් මණ්ඩල 519ක් මේ සඳහා යොදා ගන්නා බවත් ඔහු පැවසීය.

    උසස් පෙළ විද්‍යා විෂයන් ඇතුළත්ව දේශපාලන විද්‍යාව, ව්‍යාපාර සංඛ්‍යානය, නාට්‍ය හා රංග කලාව, ඉංජිනේරු තාක්ෂණවේදය, සිංහල, දෙමළ, පාලි, සංස්කෘත, අරාබි, මැලේ, ප්‍රංශ, ජර්මන්, චීන, ගණිතය, ඉංග්‍රීසි, ඉතිහාස විෂයන් ඇතුළු විෂයන් 40ක් මෙහිදී ඇගැයීම සිදු කරයි.

    ඇගැයීම් කටයුතු සඳහා යොදා ගන්නා පාසල් කිසිවක් පූර්ණ වශයෙන් වසා දැමීමක් නොකරන බවයි, විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

    මෙම ඇගැයීම් කටයුතුවලින් පසුව ලබන මස තුළදී ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු ද ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News