පොසොන් උත්සවයට හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්

මැයි 31, 2023

    පොසොන් උත්සවය නිමිත්තෙන් ජුනි මස දෙවැනිදා සිට පස් වැනිදා දක්වා අනුරාධපුරය වෙත විශේෂ දුම්රිය ගමන්වාර 12 ක් ක්‍රියාත්මක කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    ජුනි මස දෙවැනිදා සවස 1.00 ට සහ සවස 4.30 ට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය දෙකක්, කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් කිරීමට නියමිතයි.

    එදිනම, රාත්‍රී 8.15 ට ගාල්ලේ සිට විශේෂ දුම්රියක් අනුරාධපුරය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

    පොසොන් පොහෝ දින උදෑසන 7.05 ට කොටුව දුම්රිය ස්ථානයෙන් උදේ 7.30 ට‍ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රිය දෙකක් අනුරාධපුරය දක්වා ගමන් කිරීමට නියමිතයි.

    අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට ආපසු පැමිණීම සඳහා ජුනි 3 වැනිදා සවස 5.00 ට අනුරාධපුරයේ සිට කොළඹ කොටුව දක්වාත්, රාත්‍රී 9.30 ට අනුරාධපුරයේ සිට ගාල්ල දක්වාත් විශේෂ දුම්රියන් දෙකක් ගමන් කිරීමට සැලසුම් කර ඇතැයි, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේ.

     

    Latest News