ඩෙංගු මර්*දනයට ජනාධිපති කාර්*ය සාධක බලකායක් - රෝගීන්ගේ 60% ක වැඩිවීමක්

මැයි 13, 2023

    ඩෙංගු උවදුර මර්*දනය සඳහා අදත් දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදු කෙරුණා.

    ඒ, සෞඛ්‍ය අංශ, පොලීසිය සහ යුද හමුදාව ‍එක්වයි. මේ අතර, ඩෙංගු මර්*දනයට ජනාධිපති කාර්*ය සාධක බලකායක් ද පත්කර තිබෙනවා.  වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 34,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා.

    එය ඉකුත් වසරට වඩා 60%ක වැඩිවීමක්. ගතවූ දින 12 තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3,400ක්. ජාතික ඩෙංගු මර්*දන ඒකකය පවසන්නේ, මේවන විට වාර්තාවන රෝගීන්ගෙන් 50%ක් ඩෙංගු වෛරසයේ තුන්වන ප්‍රභේදයට අයත්වන බවයි.

    Latest News