ඩෙංගු අවදානම ඉහළට

ජූනි 11, 2024

    පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

    පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

    මෙම මස ගත වු දින 11 තුළ පමණක් ඩෙංගු රෝගීන් 971 දෙනෙකු වාර්තා වී ඇති අතර මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ ගණන 25,891කි.

    මෙම කාලය තුළ ඩෙංගු මරණ ද 9ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහන් කළා.

    ඒ අනුව ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව ද 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    දැනට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

    Latest News