මේ පැතිවල අය පරිස්සමෙන්

මැයි 02, 2023

    පවතින අධික වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශී​ය ලේකම් කොට්ඨාසවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශී​ය ලේකම් කොට්ඨාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශී​ය ලේකම් කොට්ඨාසයට සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශී​ය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

    එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටින්නේ.

    Latest News