ඉතාලියේ පාදුවා හි ජාතික කිතුනු රැලිය, මෙවරත් උත්සවාකාරයෙන් (වීඩියෝ)

මැයි 02, 2023
  • ඉතාලියේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී ජාතික කිතුනු රැලිය, මෙවරත් උත්සවාකාරයෙන් පැවැත්වුණා.

    ඉතාලියේ මෙන්ම යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් සෑම වසරකම මැයි පළමු වැනිදා පැවැත්වෙන එය, මෙවර සංවිධාන කෙරුණේ, 25 වැනි වරටයි.

    ඉතාලියේ, පාදුවාහි "ශාන්ත අන්තෝනි දේවස්ථානය" ලෝක ප්‍රසිද්ධ දේවස්ථානයක්. සෑම වසරකම මැයි පළමු වැනිදා එහි රැස් වන යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශේෂ දේව මෙහෙයකට සහභාගී වනවා. 25 වැනි වරට එය මෙවර ද සංවිධාන කළේ, ඉතාලියේ සංක්‍රමණිකයන් පිළිබඳ ආධ්‍යාත්මික නියාමක, නෙවිල් ජෝ පෙරේරා හිමිපාණන් විසින්. 15,000 කට අධික පිරිසක් දේව මෙහෙයට එක්ව සිටියා. එම දේව මෙහෙය සිංහල සහ දෙමළ භාෂාවෙන් පැවැත්වීම විශේෂත්වයක්.

    ‍25 වැනි වරට සංවිධාන කෙරුණු දේවමෙහෙයට, ලංකා බැංකුවේ සහ
    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්හි සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී පෙරේරා,
    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අසංග ජයලත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    Last modified on අඟහරුවාදා, 02 මැයි 2023 11:40

    Latest News