පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 04 යි

අප්‍රේ 21, 2023
    අඳුරු මතක පමණක් ඉතුරු කරමින් පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සිදුවී අදට වසර හතරක් සම්පූර්ණ වනවා.

    පාස්කු ඉරිදා දේව මෙහෙයට සදා මතකයේ රැදෙන කඳුලු කතා රැසක් කරමින් 2019 අප්රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ කොළඹ පිහිටි ප්රධාන පෙළේ හෝටල් 3 ක් ඉලක්ක කර ගනිමින් මෙම මෙම ත්රස්ත ප්රහාරය එල්ල වුණා.

    එදින උදෑසන 8.30 ට පළමු බෝම්බය පුපුරා ගියේ රටම නිහඬ කරමින්. පුපුරා ගිය බෝම්බවලින් 269කගේ පමණ ජීවිත අහිමි වුණා.
     
    අදටත් වේදනාව පමණක් ඉතුරු වෙමින් 500 කට අධික පිරිසක් එදා තුවාල ලැබුවා.
     
    මෙම ත්රස්ත ප්රහාරයෙන් විදේශිකයින් 46 දෙනෙකුට ද දිවි අහිමි වුණා.
    පාස්කු ප්රහාරයෙන් පවුල් 400 කට අධික සංඛ්යාවකට බලපෑම් එල්ල වූ අතර සදාකාලිකව ආබාධිතව රෝද පුටුවල දිවි ගෙවන පුද්ගලයින් සංඛ්යාව 17 කට අධිකයි.
    පාස්කු ප්රහාරයට සාධාරණයක් ඉල්ලා ආරම්භ කළ සටන අදටත් අවසන් වී නැහැ.

    Latest News