ලේකම්ට ‍එරෙහි පෙත්සම කල්යයි

මාර් 30, 2023

    අධිකරණයට අපහාස කළේ යැයි, මුදල් අමත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා මැයි මස 22 වැනිදා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාලව ලේඛන ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලීම් කළා.

    එම ඉල්ලීමට අවසර දුන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි 22 කැඳවීමටද දින නියම කළා.

    සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු විසින් මෙම පෙත්සම් ගොනු කර තිබූණා.

    පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 අයවැය තුළින් වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 03 වනදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබුණා.

    එම අතුරු නියෝගයට අනුකූලව කටයුතු නොකිරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News