සාම්පූර් සූර්ය විදුලි බලාගාරය ළඟදීම

මාර් 28, 2023

    සාම්පූර් ප්‍රදේශයේ සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය එකඟතාවට පැමිණ තිබෙනවා.

    එය ඉදිකිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය කංචන විජෙසේකර මහතා ඊ‍යේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වුණා.

    සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, අදියර දෙකකින් සමන්විතයි. මෙගා වොට් 135 ක ධාරිතාවක් මේ යටතේ ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනවා. අදියර දෙකක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

    පළමු අදියරට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 42.5ක්. දෙවැනි අදියර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 72 ක් ආයෝජනය කෙරෙනවා. මේ යටතේ, විදුලිය සම්ප්‍රේෂණ මාර්ග දෙකක් ඉදි කිරීමට ද නියමිතයි.

    Latest News