දරුවන් අතර වෛරස් රෝග ව්‍යාප්තියක්

මාර් 28, 2023

    ‍ඉන්ෆ්ලුවෙන්සා සහ ඊට සමාන වෛරස් රෝගි තත්වයක් මේ දිනවල ළමුන් අතර බහුලව දක්නට ලැබෙන බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

    ඔහු අවධාරණය කරන්නේ අඛණ්ඩව දින 3 ක් ‍හෝ 4 ක් උණ සමග රෝග ලක්ෂණ පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන ලෙසයි.  බොහෝ කුඩා ළමුන් අතර මෙම රෝගය පැතිර යාමේ අවදානමක් පවතිනවා. උණ සමග කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ වමනය බහුලව දැකිය හැකි අතර ඇස්වලින් කබ ගැලීම හා ඇස් රතු වීමද මෙහි රෝග ලක්ෂණ ලෙස දැකගත හැකියි.  

    දිගු කාලීනව කැස්ස පවතීනම් ඒ පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ යුතු බව, විශේෂඥ වෛද්යි දීපාල් පෙරේරා මහතා පවසනවා.

    Latest News