ආර්ථිකය අවශ්‍ය තැනට ගේන්න පටන් ගත්තා.... හර්ෂ ද සිල්වා

මාර් 21, 2019

    උෂ්ණත්වය හා තෙතමනය කළමනකරණය කළ එලවළු හා පළතුරු ගබඩා සංකීර්ණයක් දඹුල්ලේ දී ආරම්භ කරන බවත් අර්ථික කළමනාකරණයට හා අලුත් දත්ත විශ්ලේෂණ ඒකකයක් ආරම්භ කළ බවත් පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මෙසේ පැවසි ය.

    අමාත්‍ය ආචර්ය හර්ෂ ද සිල්වා " ආර්ථිකය කොහොමද අවශ්‍ය තැනට ගේන්නේ කියන එකට අවශ්‍ය සාකච්ඡා කර අවශ්‍ය දත්ත විශ්ලේෂණයක් අමාත්‍යාංශය විසින් පටන් ගත්තා. අලුත් දත්ත විශ්ලේෂණ ඒකකයක් පටන් ගෙන කටයුතු කරගෙන යනවා. ගඩොලෙන් අන්වීක්ෂයට කියලා වැඩසටහනක් ආරම්භ කළා. දත්ත විශ්ලේෂණය කර මෙම වැඩසටහන ආරම්භ කළේ. වැඩිපුර මුදල් යොදන්නේ, ගඩොල්, කොන්ක්‍රීට්, යකඩවල යොදවන්නේ, එය ගුරුවන්ගේ විෂය දනුම වැඩි කරන්න යෙදෙව්වොත් අප කතා කරන දෙය යථාර්තයක් කර ගත හැකියි. කිරිපිට මිලට සූත්‍රයක් ගෙනාවා. එහි වගකීම අප බාරගන්නවා. ලෝකයේ කිරිපිටි මිල ඉහළ පහළ යනවා. පාරිබෝගිකයාගේ අවශ්‍යතාවයන්ට සරිලන විසඳුම් ලබාදෙනවා. අප විනිවිදභාවයක් තිබෙන වැඩපිළිවෙලක් හඳුන්වා දුන්නා. මේවා තමයි ආර්ථික ප්‍රතිපත්ති ලෙස හඳුන්වා දුන්නේ. උෂ්ණත්වය හා තෙතමනය කළමනකරණය කළා එලවළු හා පළතුරු ගබඩා සංකීර්ණයක් දඹුල්ලේ දී ආරම්භ කරනවා. මේ මාසයේ අවසානයේ දී මුල්ගල තියනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සෙත මින් සැළසෙනවා. අලුත් සංකල්ප අලුතෙන් ගෙනවිත් තිබෙනවා යැයි ඔහු කියා සිටියේය.

    Latest News